කුරුණෑගල කොට්ඨාසයේ අතුරු මාර්ග කීපයක ඉකුත්දා රාත්‍රියේ සිදු කල හදිසි සෝදිසියකදී බීමත් රියදුරන් 48 දෙනකු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව කුරුණැගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
බීමත් රියදුරන් කොටුකර ගැනීම සඳහා වූ මේ ආකාරයේ හදිසි මෙහෙයුම් සතිපතා අඛණ්ඩව සිදුකිරීමටද නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දී ඇත. කුරුණෑගල කොට්ඨාසභාර පොලිස් අධිකාරි මහින්ඳ දිසානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ කුරුණෑගල දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන සෝදිසිය දියත් කෙරිණී.

No comments:
Post a Comment