Thursday, January 31, 2019

අතුරු මාර්ග සෝදිසියෙන් ඩෝප් රියදුරන් 48 දැලේ


කුරුණෑගල කොට්ඨාසයේ අතුරු මාර්ග කීපයක ඉකුත්දා රාත්‍රියේ සිදු කල හදිසි සෝදිසියකදී බීමත් රියදුරන් 48 දෙනකු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව කුරුණැගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

Wednesday, December 26, 2018

"රට විනාශය කරා යන ගමනට බාධාවක් වීමට පොලීසිය දරන උත්සාහය යම් ප්‍රමානයකට සාර්ථකයි"


කුරුණෑගල දිසාව භාර  නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව මත්ද්‍රව්‍ය  නිවාරණය සඳහා පොලීසියේ දායකත්වය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කුරුණෑගල නගරශාලාවේදී  පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ස්වේච්ජා සංවිධාන වල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගි විය.

Tuesday, December 18, 2018

කුරුණෑගලදී බීලා මාට්ටු වුනොත් ගොඩ යනවා බොරු







කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල/කුලියාපිටිය/නිකවැරටිය යන පොලිස් කොට්ඨාස යටතේ පොලිස් ස්ථාන 30 ක්  ඇති අතර පසුගිය වර්ෂ වල නත්තල් හා නව වර්ෂය එළඹීමත් සමග බීමත් රියදුරන්ගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය නිසා මාරක රිය අනතුරු බොහොමයක් වාර්තා වී තිබූ බවත්, එළඹෙන නත්තල් හා අළුත් අවුරුදු උදාවත් සමග මෙම තත්ත්වය පාලනය සඳහා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාත් එක්ව විශේෂ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කර ඇත.

Friday, December 14, 2018

බීමත්ව රියපැදවූ දස දෙනකුට රුපියල් 75,000 ක් දඩ














ගල්ගමුව පොලිස් ස්ථානයේ රථවාහන අංශ මගින් බීමත්ව රියපැදවී කරන ලද රියදුරන් දසදෙනෙකු අධිකරනය වෙත ඉදිරිපත් කර ඇත. මෙම සැකකරුවන් අධිකරනය ඉදිරියේ වරද පිළිගත් අතර ගල්ගමුව මහේස්ත්‍රාත් ජේ.කේ. ප්‍රභාත් මහතා විසින් රුපියල් 75,000 ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසට නියෝග කර ඇත. එක් අයෙකුට රුපියල් 7500/= බැගින් සැකකරුවන් දසදෙනාට මෙම දඩමුදල් නියම වු අතර, සැකකරුවන් දසදෙනාගේම රියදුරු බලපත්‍ර මාස 06 ක ට අත් හිටුවීමට නියෝග කර ඇත.