කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල/කුලියාපිටිය/නිකවැරටිය යන පොලිස් කොට්ඨාස යටතේ පොලිස් ස්ථාන 30 ක් ඇති අතර පසුගිය වර්ෂ වල නත්තල් හා නව වර්ෂය එළඹීමත් සමග බීමත් රියදුරන්ගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය නිසා මාරක රිය අනතුරු බොහොමයක් වාර්තා වී තිබූ බවත්, එළඹෙන නත්තල් හා අළුත් අවුරුදු උදාවත් සමග මෙම තත්ත්වය පාලනය සඳහා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාත් එක්ව විශේෂ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කර ඇත.
මෝටර් වාහන පනතට අනුව බීමත්ව රියපැදවීම වරදක් සේම අපරාධ නීතියට අනුව නොසැලකිලිමත් ක්‍රියාවකින් යමෙකුට තුවාල සිදුකිරීම, මරණය සිදුකිරීම බරපතල වරදක් වන බවත්, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් පෙන්වා දෙන අතර උත්සව සමය තුල බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් කුරුණෑගල දිසාව ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බව තවදුරටත් සඳහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කුරුණැගල දිස්ත්‍රික්කයට රාජකාරි වාර්තා කිරීමෙන් පසු ක්‍රියාත්මක කල වැඩසටහන් අනුව රථවාහන අංශ මගින් ලබාගෙන ඇති බීමත්ව රිය පැදවීම් නඩු වල විශාල ප්‍රගතියක් ඇති අතර, පහත සදහන් දත්ත මගින් එය වඩාත් තහවුරු වේ.




No comments:
Post a Comment