Wednesday, December 26, 2018

"රට විනාශය කරා යන ගමනට බාධාවක් වීමට පොලීසිය දරන උත්සාහය යම් ප්‍රමානයකට සාර්ථකයි"


කුරුණෑගල දිසාව භාර  නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව මත්ද්‍රව්‍ය  නිවාරණය සඳහා පොලීසියේ දායකත්වය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කුරුණෑගල නගරශාලාවේදී  පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ස්වේච්ජා සංවිධාන වල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගි විය.
මෙහිදී නියෝජ්‍ය පොලිස්පති කිත්සිරිජයලත් මහතා පසුගිය වසර 03 ක රැස්කරන ලද දත්ත ඉදිරිපත් කල අතර,  කුරුණෑගල කොට්ඨාසයේ පොලිස් ස්ථාන 11 ක් කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන 08 ක්  සහ නිකවැරටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන 11 ක් ලෙස ක්‍රියාත්මක වන බව පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය මත ළමා අපචාර, අපරාධ වැලැක්වීම සහ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදුකෙරෙන අතර, බීමත්ව රියපැදවීම් පාලනය කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතී.  මෙම වැඩපිළිවෙල විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමේදී  පසුගිය වසර 03 කාලයේදී ලබාගත් ප්‍රගතිය, සහභාගිවූවන්ගේ අවධානයට යොමු කෙරුණී. පොලීසිය වරදකරුවන් නීතිය හමුවට පමුණුවා ලබාගත් දඩමුදල් වල වටිනාකම රැපියක් කෝටි 60 කට ආසන්නව පවතී. මෙම මුදල් යන්නේ පළාත්සභාවට බවත්, වරදකරුවන් සොයා උසාවියට ඉදිරිපත් කිරීමෙන් රජයට වාර්ෂිකව විශාල ආදායමක් ලැබෙන බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් පැවසීය. 

බොහෝ දුෂකරතා පොලිස් නිලධාරීන්ට තිබියදීත් රට විනාශය කරා යන ගමනට බාධාවක් වීම දරන මෙම උත්සාහය යම් පමනකට සාර්ථක වී ඇති බවත්, නියෝජ්‍ය පොලිස්පති වරයා පැවසීය.

No comments:

Post a Comment