ප්රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා පසුදින (12 දා) දැයෙන් සමුගත්තා. ඒවන විට ඔහු 67 වන වියේ පසු වූ අතර, ඒ මහතා සංගීත ක්ෂේත්රයට අවතීරණ වන්නේ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙසයි. ඉන් අනතුරුව රසික හදවත්තුල සදා මතකයේ රැදෙන ගීත රැසක් ගායනා කල ඔහු දශක ගණනාවක් තිස්සේ ප්රසංග වේදිකා තුල නැතිවම බැරි ගායකයෙක් විය.
ඒ මහතා විසින් ඉවසිල්ලක් නෑ, දුම්බර මිටියාවත, පාරට කිට්ටුව, මගෙ ඉහේ මලක්, සඳ රේණු, ගෙලේ රන් මාල, කිරි වැදුන ගොයම, මගෙ ආදර රත්තරනේ වැනි සුන්දර ගීත ගැයූ අතර, දෑස රිදෙනවා, ඇගෙ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, සුසුම වී මගේ, ආදරේ සිත සනසන ආදරේ වැනි සුන්දර ගීත රැසක් සංගීතවත් කළ, තවත් සඳහන් කළ නොහැකි තරම් ගීත රැසකට සංගීතයෙන්, ගායනයෙන් හා සිය ගිටාරයෙන් ස්වර වැයූ උපාලි කන්නංගර කලාකරුවානෙනි ඔබට නිවන්සුව,

This comment has been removed by the author.
ReplyDelete