Saturday, December 8, 2018

කසිප්පු බෝතල් 60 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට




කසිප්පු බෝතල් 60 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් හෙට්ටිපොල පොලිස් ස්ථානය මගින්  අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසියට ලද තොරතුරක් මත 2018.12.03 වන දින කල වැටලීමකදී අලෙවි කිරීම සදහා රැගෙන යමින් තිබූ  මෙම කසිප්පු තොගය සැකකරුවන්  දෙදෙනකු සමග අත් අඩංගුවට ගෙන තිබේ.
එක් අයෙකු ලඟ කසිප්පු බෝතල් 30 බැගින්  දෙදෙනා සන්තකයේ  බෝතල් හැටක් තිබී ඇත.  සැකකරැවන් තිදෙන මකුල් වැව සහ වඩුමුන්න ප්‍රදේශයන් හී පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තබිණි. හෙට්ටිපොල පොලිස් ස්ථානාධිපති ආනන්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත උපොප. අමරසිංහ, පොසැ. 4655 කරුණාරත්න, පොකො 51091 රූපසිංහ, පොසැරි, 12037 ජයරත්න යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

No comments:

Post a Comment