වැරදි කරලා මට අහුවුණොත් දෙවියන් වහන්සේ දාලා කතා කළත් සමාවක් දෙන්නේ නැතැයි කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා විසින් පසුගියදා කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් පොලිස් නිලධාරීන් අමතා මෙසේ පැවසීය.
හෙට්ටිපොල ඉවැන්ඩ්‍රා හෝටලයේ පැවති එම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී කුලියාපිටිය කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන අටේ නිලධාරීන් අසූ දෙනෙක් මුදල් ත්‍යාග ලැබූහ.
කුලියාපිටිය කොට්ඨාසයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, කුලියාපිටිය දිස්ත්‍රික් 111 භාර සහකාර පොලිස් අධිකාරි නිමල් බන්ඩාර යන නිලධාරීහු උත්සවය සඳහා සහභාගි විය.
හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත උත්සවය සංවිධානය කර තිබිණ.
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය. “ත්‍යාග ලබන නිලධාරීන් අසූදෙනකු තමයි අද දින මෙතනට කැඳවා තිබෙන්නේ ත්‍යාග නොලබන නිලධාරීනුත් කැදෙවුවානම් තමා හොඳ, රැපියල් ආරදහසත්, පන්දාහසත් වැනි අඩුමුදල් ත්‍යාග ලබාගත් නිලඡාරීන් වැඩි පිරිසකුත්, ලක්ෂයට එහා ගිය වැඩි ත්‍යාග මුදල් ලබාගත් නිලධාරීන් අඩු පිරිසකුත් මෙහි සිටිනවා.
නිලධාරීන් හරියට වැටලීම් කරනාවද කියන ප්‍රශ්නය තිබෙනවා. නීති විරෝධී තත්ත්වයක් ඇති නොවන ආකාරයේ තමන්ගේ බල ප්‍රදේශයේ යහපත් තත්ත්වයකට ගන්නා පොලිස් ස්ථානාධිපතිවරුනුත් ඉන්නවා. තමන්ගේ ශ්‍රමය කොපමන වැයකලත් මෙවැනි මුදල් ත්‍යාග හැම ආයතනයකටම ලැබෙන්නේ නැහැ, පොලිස් රැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ සල්ලි බෝහෝම පිරිසිදුයි. මේ සල්ලි වලින් දරුවන්ට කන්න අදින දුන්නට කිසිම හානියක් සිද්ධවෙන්නේ නැහැ.
අද ලබාගත් තෑගි මුදල් පිලිබඳව කිසිම සැහීමකට පත්වෙන්න බැහැ. අඩුම විසිපන්දාහක්වත් පැන්නිය යුතුයි. මත් ද්‍රව්‍ය, විවිධ අපචාර ක්‍රියා නවත්තලා තමයි මෙම මුදල් පොලිස් නිලධාරීන් උපයාගෙන තියෙන්නේ. පසුගිය මාස 05 ක කාලයේ කුරුණෑගල කොට්ඨාසයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමෙන් ලක්ෂ එක්දහස් හයසිය අසූ හතක මුදලක් දඩ ගසා තිබුණි. වැරදි කරන නිලධාරීන් පිළිබදවද තොරතුරු මා වෙත ගලාගෙන එනවා. මා එම නිලධාරීන්ට අවශ්‍ය පියවර ගන්නවා. මා සහකාර පොලිස් අධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන කාලයේ හිටපු පොලිස් නිලධාරීන් මෙතන සිටිනවා. වැරදි වලට යොමුවුණ නිලධාරීනුත් මෙතන ඉන්නවා. මට එම නිලධාරීන්ගේ අංකය, නම පවා මතකයි. මා වැරදි කරන නිලධාරීන්ට කිසිම චාන්ස් එකක් දෙන්නේ නැහැ.
අවංක නිලධාරීන් වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනිසිටීමට මා සූදානම්,
No comments:
Post a Comment