
තරුණයින් පිරිසක් ඉකුත් 03 වැනිදා පොතුහැර, දම්බොක්ක ප්‍රදේශයේ නිවසක ගංජා පානය කරන බවට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව පොලීසිය කල වැටලීමකදී ගංජා පැකට් 05 ක් සහ උරමින් සිටි ගංජා සුරුට්ටුවක් සමග සකකරුවන් පස්දෙනකු පොතුහැර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සංතකයේ ගංජා මිලිග්‍රෑම් 400 බැගින් අඩංගු පැකට් එක බැගින් තිබුන බවත්, වැටලීම් සිදුකරන අවස්ථාවේ පානයකරමින් සිටි ගංජා සුරුට්ටුවද අත් අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.
සැකකරුවන් පස්දෙනාගෙන් තිදෙනකු කොළඹ ප්‍රදේශයේ පංදිචිකරුවන් බවත්, අනෙක් දෙදෙනා පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, මොවුන් වයස අවුරුදු 20 ත් 24 ත් අතර වයසේ පසුවන තරුණයන් බවත් පොලීසිය පැවසීය.
සැකකරුවන් නඩුභාණ්ඩ සමග අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත කුරුණෑගල පොලිස් අධිකාරි මහින්දදිසානායක, සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොතුහැර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නීල් ප්‍රියන්ත අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් 58666 සේනාරත්න, පොලිස් කොස්තාපල් 67477 සමන්, පොලිස් කොස්තාපල් 88846 කොස්ගොල්ල, පොලිස් ආරක්‍ෂක සහයක නිලධාරීන් වන 620 චමින්ද, 1529 රාජාපක්‍ෂ, 1700 අරුණ හා 9915 විජේවර්ධන යන නිලධාරීන් මෙම වැටලීමට සහභාගිවී ඇත.
No comments:
Post a Comment