Thursday, December 13, 2018

උපන්දින සාදය ශාසනයට කැපකල කතුවරයා සහ නියෝජ්‍ය පොලිස්පති


ඉකුත් (09දා) ලංකාදීප ප්‍රධාන කතෘ ප්‍රවීණ මාධ්‍යවේදී  ආරියනන්ද  දොඹගහවත්ත මහතාත්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාත් එක්ව සිය ජන්ම දින සමරමින්  මහා පුන්‍යකර්මයක් සිදුකළහ.
දොඹගහවත්ත මහතා විසින්  පොතුහැර, පරබැවිල, කොරදොලුව ප්‍රදේශයේ තම ඉඩමක් වනවාසි ස්වාමීන්වහන්සේලාට භාවනාකටයුතු සිදුකරගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරා උන්වහන්සේලා සඳහා එතුමාගේ පුද්ගලික ධනය වැය කොට භාවනා කුටි පහක් සමග  දානශාලාවක් ඉදිකරවා එදින බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කිරීම සිදුකෙරිණි. 

මේ මහා පුන්‍යකර්මයට දායකවූ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ඔහුගේ ධන පරිත්‍යාගයෙන් වටිනා බුද්ධ ප්‍රතිමාවක් මෙහි දානශාලාවට පරිත්‍යාග කිරීම සිදුකල අතර, කරුණෑගල දිසාවේ කොට්ඨාසභාර නිලධාරීන් සහ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්  ඇතුළු සෙසු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ  මෙම බුද්ධ ප්‍රතිමාව දානශාලාව වෙත වැඩම කරවා නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ සුරතින් තැන්පත් කරන ලදී.

මෙම උතුම් වූ පුන්‍ය කර්මය සඳහා ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ පවුලේ ඥාතීන් හා හිතවතුන්ද, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ඥාතීන් හා හිතවතුන් ද, ඊට සහභාගි විය.

ඡායාරූප සියල්ල මෙතැනින්

































No comments:

Post a Comment