Wednesday, December 12, 2018

ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවේ


















බල පත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමග සැකකරුවන් දෙදෙනකු  ඉකුත්දා (09 දින) අලුයම පුබ්බෝව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගන්න අවස්ථාවේදී ගවයින් හිංසා වන ආකාරයට ලොරිය තුල ගවයින් 24 දෙනකු සහ පැටවුන් 04 දෙනෙක් සිටි බවත්, 

මෙම ගවයින් කහටගස් දිගිලිය ප්‍රදේශයේ සිට කටුපොත ප්‍රදේශයේ වත්තකට මොවුන් රැගෙන යන බවත්,  පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. සැකකරුවන් දෙදෙනා සහ ලොරිරථය වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්.එම්.එස්.ඒ.පද්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් රාත්‍රි මුර සංචාරක පොලිස් නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

No comments:

Post a Comment