
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහනට අනුව හඳුන්වා දී ඇති 071-3303784 දරන දුරකතනය ඔස්සේ ලද තොරතුරකට 2018.12.04 වන
දින උදෑසන කරුණෑගල වැව රවුම් පාර, මැදලන්දවත්ත ප්‍රදේශයේදී මිලිග්‍රෑම් 10 ක් සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණයින් දෙදෙනකුගෙන් ලද තොරතුරු මත එදින කුරුණෑගල නගර මධ්‍ය යේ
හෙරොයින් ග්‍රෑම් 05 ක් සමග කාන්තාවක් සහ ඇගේ දියණියන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරිජයලත් මහතාගේ උපදෙස් පරිදි දිසා දූෂණ මර්ධන අංශයේ පොලිස් පරීක්‍ෂක කුමාර වෙල්ගම මහතා ඇතුළු පොලිස් සැරයන් 59401 දිසානායන, පොලිස් සැරයන් 58677 බන්ඩාර, පොලිස් කොස්තාපල් 49064 සමරසිංහ, පොලිස් කොස්තාපල් 49064 ප්‍රසන්න, කාන්තා පොලිස් සැරයන් 5066 ඉරෝෂි, කාන්තා පොලිස් සැරයන් 1629 සරෝජනී, කාන්තා පොලිස් සැරයන් 5985 දීපානි, පොලිස් කොස්තාපල් රියදුරු 89700 දසනායක , පොලිස් කොස්තාපල් රියදුරු14988 චකුරංග යන නිලධරයන් කණ්ඩායම විසින් මෙම වැටලීම් සිදුකරන ලදී.
අත් අඩංගුවට ගත් කාන්තාව කොළඹ සේදවත්ත ප්‍රදේශයේ වන අතර මෙම කාන්තව විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල තම දරුවන්ද යොදවා ගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජවාරම සිදුකරගෙන ගොස් ඇති බවට පොලීසිය විසින් සැක පහල කරයි.
No comments:
Post a Comment