වැවක ගොඩගසා තිබූ පස්, ටිපර් රථයකින් හොර පාරේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු හෙට්ටිපොල පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇත. පොලීසියට ලද පෞද්ගලික තොරතුරක් මත හෙට්ටිපොල, අඹගහවැව, ප්‍රදේශයේදී පස් සහිත ටිපර් රථය සමගින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
කලකට ඉහතදී මෙම වැවෙහි පස් කපා වැවෙහි කොටසක් ගොඩගසා තිබී ඇති අතර දැදුරු ඔයේ සිට හෙට්ටිපොල හරහා පන්නල දක්වා පස් ප්‍රවාහනය කළ හැකි බලප්‍රත්‍රයක් ළඟ තබා ගනිමින් අඹගහවැව, හලාවත දක්වා මෙම පස් තොගය රැගෙන යාමට සැලසුම් කර ඇත. බලපත්‍ර උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කිරීමේ වරදට ටිපර් රථය සමගින් රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙට්ටිපොල මහේස්ත්‍රාස් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. හෙට්ටිපොල පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පොකො. 33526 අශෝක, පොකො. 87773 කරුණාරත්න, පොකො. 82203 සේමසිංහ යන නිලධාරීන් මෙම වැටලීම සදහා සහභාගිවිය.

No comments:
Post a Comment