Wednesday, December 12, 2018

බීමත්ව රියපැදවූ 18 දෙනකුට දඩ රියදුරු බලපත්‍ර මාස 03 කට අත්හිටුවයි.












රියදුරු බලපත්, ආදායම් බලපත්, රක්‍ෂණ සහතික නොමැතිව බීමත්ව ත්‍රිරෝද රථයක් පැදවූ අයෙකුට හා බීමත්ව රියපැදවූ තවත් 17 දෙනකු පොල්ගහවෙල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර,
එම අවස්ථාවේ සියළුදෙනා වරද පිළිගත් හෙයින්, සියළු දෙනාටම දඩමුදල් පොල්ගහවෙල ගරු මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කර ඇත. චෝදනා හතරකින් ත්‍රීරෝද රථ රියදුරාට එරෙහිව ගොනුකර තිබූ අතර, එම චෝදනා සියල්ලට වරද පිළිගත් ඔහුට රුපියල් 20,500/= ක දඩ මුදලක් නියම විය.

මත්පැන් පානය කර රථවාහන පැදවූ අනෙක් විත්තිකරුවන්ට පෙර වැරදි අනුව රුපියල් 6000/= ත් 7000/= ත් අතර දඩමුදල් ගෙවීමට සිදුවිය. නියමකල දඩමුදලට අමතරව මොවුන් සියළුදෙනාට රියදුරු බළපත්‍රය මාස 06 කට අත්හිටුවන ලෙසටද නියෝග කෙරිණි. 

පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්‍ෂක අකිල රණසිංහ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ.ටී.ආර්.කේ අත්තනායක මහතා ඇතුළු  නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස් සැරයන් 21710 ජයසූරිය නිලධාරියා විසින්  සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින්  පැමිණිල්ල මෙහෙයවිය.

No comments:

Post a Comment